Friday, April 26, 2024

General line - 0115112241

රුවන්පුර අධිවේගයේ ඉදිකිරීම් අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ




රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද ආරම්භ කෙරුණා.  

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් එම සමාරම්භක උත්සවය නව තාක්‍ෂණය ඔස්සේ පවත්වනු ලැබුවේ අරලියගහ මන්දිරයේ සිටයි. රුවන්පුර අධිවේගී මාර්ගය මෙරට ඉදිකෙරෙන 7 වන අධිවේගී මාර්ගය වන අතර අදියර 3 ක් යටතේ ඉදිකිරීමට නියමිත එහි සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝමීටර් 73. 9 ක්.

කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසල සිට ඉංගිරිය, රත්නපුරය හරහා පැල්මඩුල්ල දක්වා එම මාර්ගය ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝමීටර් 24.3 ක කොටස ඉදිකිරීම සදහා වැය කිරීමට අපේක්‍ෂිත මුදල රුපියල් බිලියන 54.7 ක්.

මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සමාරම්භ කිරීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයේදී මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙලෙස අදහස් පළ කළා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා උත්සව සභාව ඇමතුවේ මෙලෙසයි.