Friday, April 26, 2024

General line - 0115112241

හෙරොයින් සහ කේරළ ගංජා සමග සැකකරුවෙකු මීගොඩදී අත්අඩංගුවට




හෙරොයින් සහ කේරළ ගංජා සන්තකව සිටි සැකකරුවෙකු මීගොඩ, බටවල මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි අලුත්නුවර, ඉඹුල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 300 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 10 ක් සොයා ගැනුණු බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.