Friday, April 26, 2024

General line - 0115112241

නිරෝධායන රීති කඩකල තවත් පුද්ගලයින් 548 දෙනෙකු අත්අඩංගුවට




නිරෝධායන රීති කඩ කළ පුද්ගලයන් 548 දෙනෙකු ඊයේ දිනයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඉකුත් ඔක්තෝම්බර් 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 7,864 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර පොදු ප්‍රවාහන සේවා ආශ්‍රිතව බස්නාහිර පළාතේ ඊයේ දිනයේ සිදුකළ මෙහෙයුම්වලදී නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 4,702 දෙනෙකුට අවවාද කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ එම මෙහෙයුමේදී බස් රථ 611 ක්, දුම්රිය 17 ක්, මෝටර් රථ 564ක්, ත්‍රීරෝද රථ 1,429 ක් ඇතුළු වෙනත් වාහන 775 ක ගමන් කළ පුද්ගලයන් පරීක්‍ෂා කර තිබෙනවා.