Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකාව වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන්ටත් ෆයිසර් එන්නත අනුමත කරයි




වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට ද ෆයිසර් බයෝ එන්ටෙක් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට අමෙරිකාව ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය ලබාදී තිබෙනවා. අමෙරිකානු ඖෂධ පාලන අධිකාරිය මීට පෙර එම එන්නත නිර්දේශ කර තිබුණේ වයස අවුරුදු 16ට වැඩි දරුවන් සදහා පමණයි.

මෙම නව තීරණය කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහා වැදගත් පියවරක් වනු ඇති බවයි එම ආයතනය ප්‍රකාශ කර ඇත්තේ.

වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන් දෙදහසක් පමණ යොදා ගනිමින් සිදුකළ සායනික පරීක්‍ෂාවකින් අනතුරුව අමෙරිකානු ඖෂධ පාලන අධිකාරිය එම අනුමැතිය ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.