Saturday, April 27, 2024

General line - 0115112241

දුම්රිය පාර්සල් ප්‍රවාහන සේවාවත් තාවකාලිව අත්හිටුවයි




දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. රට තුළ ව්‍යාප්ත වන කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි දුම්රිය දෙපාර්ථමේන්තුව පැවසුවේ.

ඒ අනුව අද සිට නැවත දැනුම්දෙන තුරු දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීම සිදුවනන්නේ නැහැ.

කෙසේ වෙතත් මේ වන තෙක් දුම්රියෙන් ප්‍රවාහනය කළ පාර්සල් අදාල දුම්රිය ස්ථාන වලින් ලබාගත හැකි බවයි දුම්රිය දෙපාර්ථමේන්තුව සදහන් කළේ.

පළාත් අතර සංචරණ සීමා පැනවීම හේතුවෙන් පළාත් අතර ධාවනය වන දුම්රිය ගමන් වාර ද අවලංගු කර තිබෙනවා.