Friday, April 26, 2024

General line - 0115112241

වැට් පනත ගැන ශ‍්‍රීලනිපයෙන් තීරණයක්




වැට් බදු සංශෝධිත පනත් කෙටුම්පතෙහි අත්‍යවශ්‍ය වෙනස්කම් කිහිපයක් සිදුකළහොත් මිස ඊට පක්ෂව ඡන්දය ලබා නොදීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගෙන තිබෙනවා.

මෙම කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත්කෙරුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම ඊයේ (08) පස්වරුවේ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි කියා සිටියේ.

වැට් බදු අයකර ගන්නා ආදායම් සීමාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රධාන වෙනස්කම් යෝජනා කර තිබෙනවා.

අද පෙරවරුවේ ආරම්භ වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් වැරදි ඇත්නම් ඒවා පිළිගෙන වෙනස්කම් සිදුකිරීමට ආණ්ඩුව සූදානම් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ඊයේ (08) කියා සිටියා.