Saturday, April 27, 2024

General line - 0115112241

හෙට කාලගුණයේ වෙනසක්




ගිනිකොණ දිග අරාබි මුහුද ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය දිවයිනේ කාලගුණය කෙරෙහි ඇති කරන බලපෑම හෙට දිනයේ සිට ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා ක‍රන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බව සඳහන්.  

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

රත්නපුර,කෑගල්ල ,ගාල්ල, මාතර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ඉල්ලීමක් කරනවා.