Saturday, April 27, 2024

General line - 0115112241

වරාය නගර කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද ඇරඹෙයි




කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්ත පිළිබද විවාදය පාර්ලිමේන්තුවේදී අද ආරම්භ වනවා. අද සහ හෙට යන දින දෙකේදී එම පනත් කෙටුම්පත විවාදයට ගෙන සරල බහුතරයකින් සම්මත කර ගැනීමටයි  ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත්තේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල.

ඊයේ පස්වරුවේ පැවති විශේෂ කැබිනට් රැස්වීමකදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට ආණ්ඩුව ඉදිරිපත් කරන සංශෝධන සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය  හිමි වු බවද  අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ ආණ්ඩුව වෙනුවෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ සංශෝධනවලට අමතරව තවත් සංශෝධනයක් එක් කිරීමට ඊයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී තීරණය වී තිබෙනවා. එම පනත් කෙටුම්පත මගින් පිහිටුවීමට නියමිත කොමිසමේ සභාපතිවරයා ශ්‍රී ලාංකිකයෙකු වියයුතු බව එලෙස ඉදිරිපත් වී ඇති යෝජනාවයි. මීට පෙර, අදාළ කොමිසමේ බහුතරය ශ්‍රී ලාංකිකයන් විය යුතු බවට පමණක් යෝජනා වී තිබුණා.