Friday, April 26, 2024

General line - 0115112241

මෙරටට ගෙන්වන භාණ්ඩ 6000 ක් පරීක්ෂාවකින් තොරව වෙළඳපලට




මෙරටට ආනයනය කෙරෙන භාණ්ඩ වර්ග 7,200 කින් නිසි පරීක්ෂාවන්ට ලක් කෙරෙන්නේ භාණ්ඩ වර්ග 1,100 ක් පමණ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

පරීක්ෂාවන්ට ලක් නොකෙරෙන භාණ්ඩ වර්ග පරීක්ෂා කිරිම සඳහා දැනටමත්  නිසි ක්‍රමවේදයක් සකස් කෙරෙමින් ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. 

මෙරට නිෂ්පාදිත භාණ්ඩ වර්ග සම්බන්ධයෙන් ද මෙහිදි අදහස් ප්‍රකාශ කෙරුණා.