Saturday, April 27, 2024

General line - 0115112241

අදත් තැන තැන ගුරුවරු විරෝධතාවයේ

අමදෝරු අමරජීව / මාධව කුලසූරිය




ගුරු විදුහල්පති වැටුප් විෂමතා සහ කොතලාවල විශ්ව විද්‍යාල පනතට විරෝධය පළ කරමින් අදත් ප්‍රදේශ කිහිපයක ගුරු විදුහල්පති විරෝධතා පැවැත්වුණා. ත්‍රිකුණාමලය, මන්නාරම, මීරිගම, නිකවැරටිය යන ප්‍රදේශවලදී මෙම විරෝධතා පැවැත්වුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

රාජ්‍ය සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි සේවයට කැඳවා තිබූ අතර ගුරුවරුන්ද එලෙස කැඳවා තිබුණා.  සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඩාල කිරීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇති බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලිං පැවසුවේ. 

අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව ගැඹුරින් සාකච්ඡා කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ.