Friday, April 26, 2024

General line - 0115112241

කොවිඩ් වැළදී මියගිය බහුතරයක් එන්නත ලබා නොගත් පුද්ගලයින් - රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

ශානිකා ලක්මාලි




මෙරටින් තවදුරටත් වාර්තා වන කොරෝනා මරණවලින් වැඩි පිරිසක් එන්නත් ලබානොගත් පුද්ගලයින් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් මේ වනවිටත් කොරෝනා මර්දන එන්නත ලබාගෙන නොමැතිනම් නොපමාව එම එන්නත ලබාගන්නා ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කාරුණික ඉල්ලීමක් ද කළා.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන.

රට තුළ යළි කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ද අදහස් පළ කළා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න සදහන් කළේ එන්නත්කරණය සම්බන්ධයෙන් ඉදිරියේදී සමීක්‍ෂණයක් සිදුකරන බවයි.