Saturday, April 27, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයකට තලේබාන් ප්‍රහාරයක්




ඇෆ්ගනිස්තානයේ හීරාට් ප්‍රාන්තයේ හීරට් අගනුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට තලේබාන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙහිදී කාර්යාලයේ ආරක්ෂාවට යොදවා සිටි ඇෆ්ගනිස්තාන ආරක්ෂක හමුදා සාමාජිකයෙකු මියගොස් ඇති බව සදහන්.

මෙහිදී තවත් ආරක්ෂක භටයන් පිරිසක් මෙන්ම නිලධාරින් පිරිසක් ද තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හීරට් නගරය අල්ලා ගැනීම සදහා තලේබාන් සංවිධානය දින ගණනාවක සිට සටන් වදිමින් සිටින අතර එහිදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සදහන්.

මේ අතර අදාළ ප්‍රහාරය පිළිබද වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇෆ්ගනිස්තාන කාර්යාලය තලේබාන් සංවිධානය වෙත දන්වා තිබෙනවා.

මෙම ප්‍රහාරය අන්තර්ජාතික නීතියට පටහැනි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම අන්තර්ජාතික  යුද අපරාධයක් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදහසයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනි⁣යෝ ගුටරෙස් උපුටා දක්වමින් ඔහුගේ නියෝජ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් මේ බව දක්වා තිබෙනවා.

එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ, මේ සිද්ධිය පිළිබද කණගාටු වන අතරම එක්සත් ජාතීන්ගේ සංවිධානය තවදුරටත් ඇෆ්ගනිස්තානයේ ජනතාවට සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීමට කැපවී සිටින බවයි.