Friday, April 26, 2024

General line - 0115112241

මහා නාහිමිවරුන්ගේ ඉල්ලීමත් ගුරු විදුහල්පතිවරු ඉවත දමයි




ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයින් තවදුරටත් වර්ජනයේ නිරතවීමට බලපා ඇති කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී මල්වතු සහ අස්ගිරි පාර්ශවවල මහා නාහිමිවරුන් දැනුවත් කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. 

වර්ජනයෙන් ඉවත් වී පාසල් දරුවන් සදහා අධ්‍යාපන කටයුතුවල නිරත වන ලෙසයි ඉකුත්දා මහා නාහිමිවරුන් ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කළේ. 

ඒ අනුව තමන් තවදුරටත් වර්ජනයේ නිරතවීම සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන් දැනුවත් කරන බව ද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලිං මෙහිදී මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් ද කළා.

කෙසේවෙතත් නෙත් නිවුස් කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ සිසුන්ට නිවසේ සිට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය නව වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන බවයි.