Friday, April 26, 2024

General line - 0115112241

පරිගණක ක්‍රීඩාවලට හෝ මත්පැන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇත්නම් දැනුම් දීමක් 




ජංගම දුරකථනයට හෝ පරිගණක ක්‍රීඩාවලට හෝ මත්පැන්, මත්ද්‍රව්‍යවලට හෝ නැතිනම් වෙනත් ඕනෑම දේයකට හෝ කිසියම් අයෙකු ඇබ්බැහිවී ඇත්නම් ඔහුට හෝ ඇයට ඉතා පහසුවෙන් එම ඇබ්බැහිවීම්වලින් මිදීමට හැකි බව කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ පවුලෙන් ලැබෙන සහයෝගයත්, තමාගේ මානසික තත්ත්වයත් යහපත් මට්ටමක පවතින්නේ නම් ඕනෑම ඇබ්බැහිවීමකින් ඉතා පහසුවෙන් ඉවත්වීමට හැකි බවයි. 

කිසියම් අයෙකු කිසියම් හෝ ක්‍රියාවකට ඇබ්බැහි වන්නේ ඇයි ? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී මේ පිළිබඳ පැහැදිලි කෙරුණා.

දරුවෙකු කිසියම් ක්‍රියාවකට ඇබ්බැහිවී ඇත්නම් ඊට දෙමාපියන්ගේ ක්‍රියාකාරකම්ද බලපාන බව මෙහිදී පැහැදිලි කෙරුණා.