Friday, April 26, 2024

General line - 0115112241

කබ්රාල් මහ බැංකු ධූරයේ වැඩ භාර ගනී




නැවත වරක් මහ බැංකුවේ නායකත්වය දැරීමට හැකි වීම තමන් ලද භාග්‍යයක් බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. එම වගකීම භාර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මුදල් අමාත්‍යවරයා තමන් වෙත තබා ඇති විශ්වාසය පිළිබඳ නිහතමානීව සතුටු වන බවයි මහ බැංකු අධිපති ධූරයේ වැඩ භාරගනිමින් ඔහු කියා සිටියේ. 

රට වෙනුවෙන් තමන් භාරගෙන ඇත්තේ අසීරු වගකීමක් බවයි මහ බැංකු අධිපතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළේ.

අජිත් නිවාඩ් කබ්රාල් අද වැඩ භාරගත්තේ ශ්‍රී ලංකාවේ 16 වන මහ බැංකු අධිපතිවරයා ලෙසයි. අද පෙරවරුවේ ඔහු ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය භාරගනු ලැබුවා. වරලත් ගණකාධිකාරීවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මීට පෙර අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර ඇති අතර වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය ද හොබවා තිබෙනවා.