Saturday, April 27, 2024

General line - 0115112241

සුඩානයේ හමුදා කුමන්ත්‍රණය පරාජය වෙයි : නිලධාරීන් 40ක් අත්අඩංගුවට




සුඩානයේ හමුදා කුමන්ත්‍රණයක් වැළැක්වීමට හැකිවූ බවත් ඊට සම්බන්ධ නිලධාරීන් රැසක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව එරට රජයේ ජේෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

සුඩාන රජයට අයත් රජයේ විකාශන මධ්‍යස්ථානය සහ ප්‍රධාන හමුදා අණදෙන මෙහෙයුම් මැදිරියේ බලය අල්ලා ගැනීමට සැරසුණු නිලධාරින් 40 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති බවයි සුඩාන රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග සුඩාන අගනුවර වන Khartoum හි දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් යොදවා ඇති අතර, හමුදා භට පිරිස් ද ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි CNN පුවත් සේවය වාර්තා කර සිටියේ.