Saturday, April 27, 2024

General line - 0115112241

ඒලියන්ත වයිට් ගැන මහින්ද සහ මාලිංගත් කතා කරයි




කොරෝනා ආසාදිතවීම හේතුවෙන් මියගිය ඒලියන්ත වයිට් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ද සිය ශෝකය පළ කර තිබෙනවා. 

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ තමා කලක් ඉතාම සමීපව ඇසුරු කළ ඒලියන්ත වයිට්, ක්‍රීඩකයින් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසකට සිය රෝගාබාධ සුවපත් කර ගැනීමට උදව් කළ බවයි. ඔහුගේ හදිසි අභාවය පිළිබද තමා බෙහෙවින් කණාගාටුවට පත් වූ බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. 

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ද ඒලියන්ත වයිට්ගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබෙනවා. ඔහු පවසන්නේ 2008 වසරේදී තමාගේ පාදයේ ආබාධයක් ඇති වූ බවත් එය හාස්කමකින් මෙන් සුවය ලැබූ බවයි. 

එම ආබාධය සුවවීම හේතුවෙන් තමාට වෘත්තීය ජීවිතයේ ඉහළ තලයකට යාමට හැකි වූ බව පෙන්වා දෙන මාලිංග ඒ වෙනුවෙන් තමා සදාකල් ඔහුට කෘතඥ වන බවද දක්වා තිබෙනවා. තමා යැවූ සෑම යෝකර් පන්දුවකටත් දවා ගත් සෑම කඩුළු ත්‍රිත්වයකටත් හදවතින්ම ඔහුට ස්තුතියි වන බවයි ලසිත් මාලිංග පවසා ඇත්තේ.

කෙරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒලියන්ත වයිට් ඊයේ අභාවප්‍රාප්ත වුණා.