Friday, April 26, 2024

General line - 0115112241

හොංකොං හිදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමකට සුවිශේෂී ජයග්‍රහණයක්




ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍ෂේත්‍රයට සුවිශේෂි ජයග්‍රහණයක් එක් කිරීමට හොංකොංහි ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජයේ කාන්තා කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ, හොංකොංහිදී පැවැත්වෙන පන්දුවාර විස්ස දෙවන පෙළ ක්‍රිකට් තරගාවලියේදීයි. 

එහිදී හොංකොංහි පැරණිතම සහ ප්‍රබලතම කණ්ඩායමක් ලෙස සැලකෙන හොංකොං ක්‍රීඩා සමාජය පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජයේ කාන්තා කණ්ඩායම සමත් වී තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ හොංකොංහි ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජයේ කාන්තා කණ්ඩායම බිහි කර මාස 6 ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ජයග්‍රහණය ලබාගැනීමයි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර තරගාවලියේ සහභාගි වූ පළමු තරගයද මෙය වීම විශේෂත්වයක්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 92 ක් රැස් කළ අතර හොංකොං කාන්තා කණ්ඩායමට සියළු දෙනා දැවී රැස්කර ගත හැකි වී ඇත්තේ ලකුණු 91 ක් පමණයි.