Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා නිසා කල් ගිය LPL තරගාවලිය දෙසැම්බරයේ




ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරය දෙසැම්බර් 04 වනදා සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ, මීට පෙර පැවති තරගාවලිය පරිදිම කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන්. කණ්ඩායමේ මූලික සංචිතය ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත විය යුතු වන අතර එහිදී දේශීය ක්‍රීඩකයින් 14 ක් සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකු එක් කර ගැනීමේ හැකියාව කණ්ඩායම් හිමිකාරීත්වයට හිමිවනු ඇති. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම හෙට සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. 

කෙසේවෙතත් එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පතට සුදුසුකම් ලැබීමට බලාපොරොත්තු වන විදෙස් ක්‍රීඩකයින් අදාළ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද ක්‍රීඩකයින් විය යුතුයි. ඊට අමතරව එම විදෙස් ක්‍රීඩකයින් ඔවුන්ගේ ජාතික කණ්ඩායම නියෝජනය කර තිබීම, නැතහොත් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර තිබීම හෝ පූර්ණ සාමාජික මණ්ඩල තරගාවලිවල ප්‍රධාන විස්සයි-20 තරගාවලි පාදක කරගනිමින් පවත්වා ඇති තරගාවලියක් හෝ ක්‍රීඩා කර තිබිය යුතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.