Friday, April 26, 2024

General line - 0115112241

දරුවන් එන්නත්කිරීම ඔක්තොම්බරයේදී අවසන් කෙරේ




ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළවෙල ඔක්තෝම්බර් අවසානය වන විට සිදු කර අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා. ඒ අනුව වයස අවුරුදු 12 ත් 19 ත් අතර සංකුලතා සහිත දරුවන් මෙම වැඩපිළිවෙල යටතේ මුලිකව එන්නත්කරණයට ලක් කෙරෙන අතර එහි ආරම්භය අද නිල වශයෙන් සිදු කෙරුණේ රිජ්වේ ආර්යා ළමා රෝහලේදීයි. 

ඒ අනුව කායික හා මානසික සංකූලතා සහිත දරුවන්ට මෙම එන්නත මුලිකව ලබාදෙන අතර තැලසීමියා රෝගයට ලක්ව ඇට මිදුළු බද්ධ සැත්කමක් සිදු කර ඇති 14 හැවිරිදි හුණුපොළ, පහලගම ප්‍රදේශයේ පදිංචි දැරියකට පළමුව එන්නත ලබා දීම සිදු වුණා. අද සිදුවූ එන්නත්කරණය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මෙලෙස අදහස් පළ කළා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය පැවසුවේ ලියාපදිංචි වීමට හැකියාවක් නොමැති දරුවන් ද රෝහල වෙත රැගෙන ඒමෙන් එන්නත ලබාගත හැකි බවයි. 

මීට සමගාමීව අනුරාධපුර හා කුරුණෑගල රෝහල් වලදීද මෙලෙස දරුවන් සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මෙරට වයස අවුරුදු 12 ත් 19 ත් අතර විවිධ සංකූලතා සහිත දරුවන් 35,000 ක් පමණ සිටින බවයි සෞඛ්‍ය අංශ මේ වන විට හඳුනා ගෙන ඇත්තේ. ඒ අනුව ඔවුන්ට ලබා දෙන්නේ ෆයිසර් එන්නතයි.