Friday, April 26, 2024

General line - 0115112241

දුනු ඊතල යොදා ගෙන එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 05 දෙනෙකු ජිවිතක්ෂයට




දුනු ඊතල යොදා ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ නොර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවරට නිරිත දෙසින් පිහිටි නගරයකදීය.

මෙම ප්‍රහාරය එල්ල කළ බව කියන 37 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතිකයෙකු නොර්වේ  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජනාකීර්ණ සුපිරි වෙළෙඳසැලක් තුලදී මෙම සැකකරු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

මෙම ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක්ද යන්න සම්බන්ධයෙන් විමර්ෂණ සිදුකරනු ලබන බවයි නොර්වේ අග්‍රාමාත්‍ය එර්නා සොල්බර්ග් ප්‍රකාශ කර සිටියේ.