Friday, April 26, 2024

General line - 0115112241

200ට අඩු පිරිවෙන් අද සිට ඇරඹෙයි




පිරිස 200ට අඩු සියලු පිරිවෙන් අද සිට ආරම්භ කර තිබෙනවා.  

පිරිවෙන් සහ බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ පැවසුවේ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද යටතේ පිරිවෙන් විවෘත කිරීම සිදුවූ බවයි.

කෙසේවෙතත් විද්‍යායතන පිරිවෙන් අද ආරම්භ නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

මේ අතර සිසුන් 200ට අඩු ප්‍රාථමික පාසල් ලබන 21 වනදා සිට ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

පාසල් විවෘත කිරීමේ ක්‍රියාදාමය යටතේ හෙට කොළඹ අධ්‍යාපන කලාපයේ වයස අවුරුදු 18 සහ 19 සිසුන් එන්නත් කිරීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කෙරෙනවා.