Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා මුහුදු සීමාව ගැන ඉන්දීය ධීවරයින්ට තමිල්නාඩු පොලීසියෙන් අනතුරු ඇගවීමක්




ජාත්‍යන්තර මුහුදු සීමාව හරහා ශ්‍රී  ලංකා මුහුදු සීමාව තුළ ධීවර කටයුතු වල  නිරත වන ඉන්දීය ධීවරයින්ට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තමිල්නාඩු පොලිසිය අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ඒ, කච්චතිව් ප්‍රදේශයේ මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් ඉන්දිය හා ශ්‍රී ලාංකික ධීවරයින් අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වී ඇති පසුබිමක් තුළයි.  

මේ අතර කච්චතිවු මුහුදේ ධීවර කටයුතුවල නිරත වීමට අවසර දෙන ලෙස ඉල්ලා ඉන්දීය ධීවරයින් පිරිසක් විරෝධතාවයේ නිතර වන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් ඉන්දිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් සිය බෝට්ටුවලට සුදුසු වන්දි මුදලක් ලබා දෙන ලෙසයි.

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වුණු ඉන්දීය ධීවරයින් 23 දෙනා නිදහස් කර ගැනීමට කටයුතු කරන ලෙස තමිල්නාඩු පාලනාධිකාරිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වීම හා ඔවුන්ගේ බෝට්ටු රඳවා ගැනීම සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමති ඕ පන්නීර්සෙල්වම් විසින් ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.