Friday, April 26, 2024

General line - 0115112241

ෆේස්බුක් යන්නම යයි




ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලා අඩවියක් වන ෆේස්බුක්, සිය ආයතනික නාමය Meta ලෙස වෙනස් කර තිබෙනවා. ඒ සමාගම ප්‍රති සන්නාම ගත කිරිමේ වැඩපිළිවෙල යටතේයි.

සමාජ මාධ්‍ය යන භූමිකාවෙන් ඔබ්බට ගොස් අතථ්‍ය යථාර්ථය (virtual reality) වැනි කේෂ්ත්‍රය දක්වා ඉදිරියේදී පුළුල් කිරිමට ෆේස්බුක් සමාගම තීරණය කිරිම හේතුවෙන් නම වෙනස් කිරීමට සිදුවූ බවයි නව නම එළිදක්වමින් ෆේස්බුක් සමාගමේ ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කර සිටියේ.

මෙම නම් වෙනස් කිරීම Facebook, Instagram සහ Whatsapp වැනි යෙදුම් සඳහා අදාළ නොවන අතර, එම යෙදුම් අයත් මව් සමාගමේ නම පමණක් වෙනස් කිරීම සිදුවේ.

ෆේස්බුක් සමාගමේ හිටපු සේවිකාවක් විසින් නිකුත් කරන ලද ලේඛන මත පදනම් ව ෆේස්බුක් සමාගම පිළිබඳව ලොවපුරා සෘණාත්මක දැක්මක් ඇතිවීම ද මෙම පියවර ගැනීමට ප්‍රධාන හේතුව වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.