Saturday, April 27, 2024

General line - 0115112241

උද්ඝෝෂකයන් පිරිසක් කළ වෙඩි තැබීමකින් පකිස්තාන පොලිසියේ හතරක් මරැට




පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ගුජරන්වාලා ප්‍රදේශයේ ,සද්හෝක්හිදී උද්ඝෝෂණයක නිරත වූ පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ මෙහිදී 250 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.

අදාළ උද්ඝෝෂණය සංවිධානය කර තිබී ඇත්තේ පකිස්තානය තුළ තහනම් කර ඇති සංවිධානයක් වන තරෙක් ඊ ලබායික් හෙවත් ටීඑල්පී සංවිධානය විසින්.

අන්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම සංවිධානය පකිස්තානය තුළ තහනමට ලක්කර තිබෙනවා.

කෙසේවෙතත්, පකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂීක් රෂීඩ් පසුගියදා ප්‍රකාශ කළේ, මෙම සංවිධානය සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

ඒ අනුව දැනට බන්ධනාගාර ගත කර සිටින ටීඑල්පී සාමාජිකයන් පිරිසක් නිදහස් කරන බවද ඔහු ප්‍රකාශ කළා.

කෙසේවෙතත්,ඇමතිවරයා ⁣ව්‍යාජ අදහස් පළකරන බව පවසමින් , දහස් ගණනක් ටීඑල්පී සාමාජිකයන් තහනම නොතකා උද්ඝෝෂණයක් පවත්වා ඇති බව සදහන්.

විදෙස් වාර්තා සදහන් කළේ, උද්ඝෝෂකයන් පාලනය කිරීමට යාමේදී ඔවුන් විසින් මෙලෙස පොලිසියට වෙඩි තබා ඇති බවයි.