Saturday, May 4, 2024

General line - 0115112241

තායිවානයේ අනාගතය ගැන චීනයෙන් යළිත් තීරණාත්මක ප්‍රකාශයක්




චීනය සමග එක්වීම හැර අනාගතයක් තායිවානයට නොමැති බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසනවා. ඔහු සදහන් කරන්නේ,චීනය සමග එක්වීම හැර ජාත්‍යන්තරය තුළ නෛතික පිළිගැනීමක් ලබාගැනීමට මගක් තායිවානයට නොමැති බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ තායිවානයට අර්ථාන්විත නියෝජනයක් ලබාදිය යුතු බවට ඇමරිකාව කළ ප්‍රකාශයකට පිළිතුරැ ලෙස චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මෙම අදහස් පළකළා.

එක් චීනයක් ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කරන රටවලට ඒ සදහා වන මිල ගෙවීමට සිදුවනු ඇති බවටද චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී අනතුරැ අගවා සිටියා.

මේ වනවිට චීනය ,තායිවානය ජාත්‍යන්තර තුළ වෙනම කටයුතු කිරීම වළක්වාලීමට උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

තායිවානය සමග වෙළෙද සබදතා දියුණු කර ගැනීමට යුරෝපා සංගමය පසුගියදා ගත් තීරණයද චීනයේ දැඩි විවේචනයට සහ විරෝධයට හේතු වුණා.