Saturday, April 27, 2024

General line - 0115112241

උද්ඝෝෂණ හේතුවෙන් පකිස්තානයට රැපියල් බිලියන 35 ක පාඩුවක්




රට තුළ ක්‍රියාත්මක අන්තවාදී සංවිධානයක් වන  තරෙක්ඊලබායික් සංවිධානයේ උද්ඝෝෂණ හේතුවෙන් 2017 වසරේ සිට මේ දක්වා රැපියල් බිලියන 35 ක ආදායමක් අහිමිව ඇතැයි පකිස්තාන රජය පවසනවා.

පකිස්තාන තොරතුරු අමාත්‍යාංශයේ ප්‍රකාශක හසාන් කාවාර් පවසන්නේ මේ දිනවල එම සංවිධාපකිස්තානය  විසින් ක්‍රියාත්මක කරන මාර්ග අවහිර කිරීමෙි විරෝධතා හේතුවෙන් අහිමිව ඇති ආදායමද රැපියල් බිලියන 4 ක් පමණ වන බවයි.

මාර්ග අවහිර කිරීම්, ව්‍යාපාර බිද වැටීම්,රාජ්‍ය දේපල විනාශ කිරීම් වැනි  හේතු නිසා මෙම අලාභය සිදුව ඇති බවද තොරතුරු අමාත්‍යාංශය ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පසුගිය සතියේ දී ටීඑල්පී සංවිධානයේ උද්ඝෝෂණයක් අතරතුර උද්ඝෝෂකයන් විසින් සිදුකළ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරින් සිව්දෙනෙකු මියගොස් තවත් 250කට අධික පිරිසක් තුවාල ලැබුවා.

මේ අතර  තත්වය පාලනය කිරීමේ අදහසින් ටීඑල්පී සංවිධානයේ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ද පකිස්තාන රජයේ අවධානය යොමුව ඇති බව සදහන්.

කෙසේවෙතත්, ඔවුන්ගේ ප්‍රධානතම ඉල්ලීම වී ඇත්තේ පකිස්තානයේ සිටින ප්‍රංශ තානාපතිවරයා ඉවත් කිරීමයි.

ඒ කලකට පෙර ප්‍රංශ ජනාධිපතිවරයා ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට විරෝධය දැක්වීමක් ලෙසින්.