Saturday, April 27, 2024

General line - 0115112241

බංග්ලාදේශ පාපන්දු කණ්ඩායම දිවයිනට

ටී කේ ජී කපිල




බංගලාදේශ ජාතික පාපන්දු කණ්ඩායම අද පස්වරුවේ මෙරටට පැමිණියා. ඒ, මහින්ද රාජපක්ෂ කුසලානය සඳහා මෙරටදී පැවැත්වෙන සිව් ජාතික පාපන්දු තරගාවලියට සහභාගී වීම සදහායි. එම කණ්ඩායමට ක්‍රීඩකයන් සහ නිලධාරීන් 35 දෙනෙකු ඇතුළත්.

මෙම තරගාවලියට සහභාගී වීම සදහා මාලදිවයින කණ්ඩායම ඊයේ දිනයේදී මෙරටට පැමිණ තිබූ අතර ෂීෂෙල්ස් කණ්ඩායම හෙට දිනයේදී මෙරටට පැමිණීමට නියමිතයි. මෙම තරගාවලිය නොවැම්බර් මස 08 දින සිට 17 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.