Saturday, April 27, 2024

General line - 0115112241

LPL  ක්‍රීඩක වෙන්දේසිය පැය කිහිපයකින්




ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු අද රාත්‍රි 8 ට ආරම්භ කෙරෙනවා. මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු කෙරෙන අතර එම අවස්ථාවට කණ්ඩායම් පහේ හිමිකරුවන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් එක් වීමට නියමිතයි. 

විදෙස් ක්‍රීඩකයින් 300 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 300 දෙනෙකු ඒ සඳහා ඉදිරිපත් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. ඒ අතර ක්‍රිස්ගේල්, සහීඩ් අෆ්රිඩි ඇතුලු නම් දැරූ විදෙස් ක්‍රීඩකයින් රැසක්ද සිටිනවා. 

ක්‍රීඩක තෝරා ගැනීම වට 20 කින් යුක්ත වන අතර, කාණ්ඩ කිහිපයක් යටතේ ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු කෙරෙනවා.  

එක් සංචිතයක් සදහා ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් වන අතර, ඊට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු ද ඇතුළත් විය යුතුයි. 

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.