Friday, April 26, 2024

General line - 0115112241

විස්සයි විස්ස ලෝක කුසලානයේ කෝටි 32 ක සල්ලි මල්ල කාටද? තීරණය අද රාත්‍රීයේ




දින 29 ක් පුරා පැවති මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. 

ඒ, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතරයි. මෙම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රි 7.30 ට ආරම්භ වනවා. 

මෙවර විස්සයි විස්ස ලෝක ශූරයින්ට පිරිනැමෙන මුදල් ත්‍යාගය අමෙරිකානු ඩොලර් මිලියන 1. 6 ක්. 

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 32 කට ආසන්න වනවා. 

අනුශූරයින්ට අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 ක මුදලක් පිරිනැමෙන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 16කට ආසන්නයි. 

මේ, අද තරගය පිළිබද නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ෆර්වීස් මහරුෆ්. 

ඩුබායි ක්‍රීඩාංගණයේ තණතීරුව සම්බන්ධයෙන්ද ඔහු මෙලෙස අදහස් පළ කළා.