Friday, April 26, 2024

General line - 0115112241

ICC ලෝක කුසලාන සත්කාරය සඳහා ශ්‍රී ලංකාවටත් අවස්ථාවක්




2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. ඉන්දියාව සමගින් එක්ව ශ්‍රී ලංකාව එම තරගාවලියේ සත්කාරකත්වය දරන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ. මීට පෙර ශ්‍රී ලංකාව 2012 වසරේ දී ද පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දරනු ලැබුවා. 

මේ අතර, 2024 වසරේ සිට 2031 වසර දක්වා වන කාලයට අදාළ අයි.සී.සී තරගාවලියන්හි සත්කාරකත්වය රටවල් 14ක් විසින් දරන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කකවුන්සිලය ඊයේ නිවේදනය කළේ. ඒ අනුව පූර්ණ සාමාජික රටවල් 11ක් හා ටෙස්ට් වරම් නොමැති රටවල් 3ක් එම කාලයේ දී අයි.සී.සී තරගාවලියන්හි සත්කාරකත්වය දැරීමට නියමිතයි. 

අදාළ කාලයේ දී එක්දින ලෝක කුසලාන තරගාවලි දෙකක්, 20යි 20 ලෝක කුසලාන තරගාවලි 4ක් හා ශූරයින්ගේ කුසලාන තරගාවලි 2ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. අමෙරිකාවට හා නැමීබියාවට පළමු වරට ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය හිමිව තිබීම ද විශේෂත්වයක්. 

එමෙන්ම පාකිස්තානය 2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරීමට නියමිත වීම ද කැපී පෙනෙනවා. පාකිස්තාන අයි සී සී තරගාවලියක සසත්කාරකත්වය දරන්නේ 1996 ලෝක කුසලානයෙන් පසු පළමු වරටයි.  

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සත්කාරකත්වය ඔස්ටේ්‍රලියාවට හා 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවට ලබා දීමට මීට පෙර තීරණය කර තිබුණා.