Friday, April 26, 2024

General line - 0115112241

එන්නත ගන්න - නැතිනම් මියයන්න - ජර්මනිය දැඩි තීරණයක




සීත ඍතුව අවසන්වීමට පෙර ජර්මානු ජනතාව කොරෝනා මර්දන එන්නත්කරණය සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ජර්මානු සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පෑන් පැවසුවේ මෙම ශීත ඍතුව අවසන් වන විට ජර්මනියේ සිටින සෑම කෙනෙකුටම එන්නත ලබා සුවය ලබා ගැනීම හෝ එන්නත් ලබා නොගැනීම නිසා මියයාමට සිදුවනු ඇති බවයි. 

නිදහස භුක්ති විඳීම යනු වගකීම ගෙන කටයුතු කිරීම බවත්, කොරෝනා මර්දන එන්නතක් ලබාගෙන තමාගේ ජිවිතය මෙන්ම සමාජයේ ආරක්ෂාව ද තහවුරු කිරීම සියලුදෙනාගේ වගකීම බවත් ජර්මානු සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ දක්වා එන්නත් ලබාගෙන නොමැති පුද්ගලයින් ඉදිරි මාස කිහිපය තුලදි කොරෝනා වෛරසයට ගොදුරු වනු ඇති බව හා ආරක්ෂාවෙන් මිදෙනු ඇති බවයි ජර්මානු සෞඛ්‍ය අමාත්‍යවරයා අනතුරු අගවා සිටියේ. 

සමස්ථ යුරෝපයම පාහේ මේවනවිට තවත් කොරෝනා රැල්ලකට අතවනමින් සිටිනවා. එහි වැඩි අවදානමකට ලක්ව ඇති රටවල් අතරට ජර්මනිය ද අයත්. ජර්මනියෙන් මේවනවිටත් ඉහළ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන අතර රට තුළ සිව්වන කොරෝනා රැල්ලක් පැතිර යනු ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවා සිටින්නේ.