Friday, April 26, 2024

General line - 0115112241

චීන ජාතිකයන් අටදෙනෙකු පැහැරගැනේ




කොංගෝ ජනරජයේ දකුණු කීවූ ප්‍රාන්තයේ ප්‍රදේශයකදී චීන ජාතිකයන් අටදෙනෙකු සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.

චීන සමාගමකට අයත් ආකාරයක සේවය කරමින් සිටි පිරිසක් මෙසේ පැහැරගෙන ගොස් ඇතැයි සදහන්.

පැහැරගැනීමට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම මෙහිදී වෙඩි තැබීමක්ද සිදු කර තිබෙනවා.

ඉන් මෙම ආකර භුමියේ ආරක්ෂාවට  යොදවා සිටි කොංගෝ හමුදාවේ සෙබලෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි ද සදහන්.

මෙම පැහැරගෙනයාමට සම්බන්ධ පිරිස පිළිබද මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.

කෝංගෝ රජය ප්‍රකාශ කර ඇත්තේ පැහැරගෙන ගිය පිරිස සෙවීම සදහා එරට හමුදා මෙහෙයුම් දියත් කර ඇති බවයි.