Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියන් සාගරයේ ඒකාබද්ධ වෙරළාරක්ෂක මෙහෙයුම් පුලුල් කිරීම වෙනුවෙන් "දෝස්ති"




ඉන්දියන් සාගරයේ ඒකාබද්ධ  මෙහෙයුම් පුළුල් කිරීම ඇතුළු අරමුණු මුල්කරගත් දෝස්ති නම් ඒකාබද්ධ ත්‍රෙපාර්ශවික වෙරලාරක්ෂක අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය 20 වනදා මාලදිවයින ආශ්‍රිතව ආරම්භ වූ එය අද නිමාවීමට නියමිතයි.

මෙි සදහා ඉන්දියාව ,ශ්‍රී ලංකාව, සහ මාලදිවයින යන රටවල වෙරලාරක්ෂක බලකා සම්බන්ධ වී සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය වෙරලාරක්ෂක බලකායට අයත් අයිසීජීඑස් වජ්රා, අයිසීජීඑස් අපූර්වා, ශ්‍රී ලංකා වෙරලාරක්ෂක බලකායට අයත් එස්එල්සීජීඑස් සුරක්ෂා සහ මාලදිවයිනට අයත් යාත්‍රා රැසක් මීට සම්බන්ධ වී සිටින බවයි.

1991 සිට ඉන්දියාව සහ මාලදිවයින එක්ව වාර්ෂිකව  පවත්වාගෙන ගිය මෙම වෙරලාරක්ෂක අභ්‍යාසයට 2012 වසරේ සිට ශ්‍රී ලංකාවද සම්බන්ධ වී සිටිනවා.