Sunday, December 5, 2021

General line - 0115112241

රට හැර යන පිරිස වැඩි වෙලාද? විදේශ සේවා නියුක්ති කාර්යාංශය කරුණු කියයි

1221Views



 

විදෙස් රැකියා සඳහා මෙම වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 92,000 කට අධික සංඛ්‍යාවක් විදෙස් ගත වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්්‍යංශය පවසනවා. මෙවැනි විශාල පිරිසක් රට අතහැර යාම සම්බන්ධයෙන් විවිධ පාර්ශව ඉකුත් සමයේ විවිධ අදහස් පළ කළා. 

ඇතැම් පිරිස් චෝදනා කළේ රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයින් රට අතහැර යන බවයි. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්්‍යංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණියගෙන් විමසීමක් කළා. 

විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ද දිගු පෝළිම් පැවතීමට හේතුව කුමක්දැයි නෙත් නිවුස් ඔහුගෙන් විමසා සිටියා.