Friday, April 26, 2024

General line - 0115112241

ග්‍රාමීය ප්‍රදේශවල කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යයි




ග්‍රාමීය ප්‍රදේශවල කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යමින් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. 

කෙසේවෙතත් එළඹෙන උත්සව සමයේ සීමා පැනවීමක් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ඔහු පැවසුවේ. 

මේ අතර ඊයේ දිනයේ සිදුවූ කොවිඩ් මරණ 27 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කරනු ලැබුවා. 

ඉකුත් සතිය පුරා දෛනිකව කොරෝනා ආසාදිතයින් 700 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වනු දැකගත හැකි වුණා.