Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ කොදෙව් කාන්තා කණ්ඩායම අතර අද පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගය අවලංගු කෙරේ




සිම්බාබ්වේ හිදි පැවති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබිමේ වටයේ ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබුණු සියලු තරග අවලංගු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හදුනා ගැණුනු ඔම්ක්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන්. 

ඒ අනුව තරගාවලියේ මීලග තරග සියල්ල අවලංගු කර ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් සිටින බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්ථානය යන කණ්ඩායම් කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළා.  මේ හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබිමට තිබූ අවස්ථාව අහිමි වී තිබෙනවා. 

සිම්බාබ්වේහි හරාරේ අගනුවරදී අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයද අවලංගු කෙරුණා. එම තරගයට සහභාගී වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අකමැත්ත පළ කර ඇති බවයි වාර්තා වුණේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට මීට පෙර හදුනා ගැණුනු අතර තවත් ක්‍රිඩිකාවන් තිදෙනෙකුද කොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන  ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් මෙම තරගාවලිය යටතේ අමෙරිකාව සහ තායිලන්තය අතර තරගයත් පාකිස්ථානය සහ සිම්බාබ්වේ අතර තරගයත් නියමිත පරිදි අද පැවැත්වුණා.