Saturday, April 27, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ තත්ත්වය ගැන රුසියා,චීන,සහ ඉන්දීය විදේශ අමාත්‍යවරැන් හදිසි හමුවක




ඇෆ්ගනිස්තානය කේන්ද්‍ර කරගෙන සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් රුසියානු ,චීන,සහ ඉන්දීය විදේශ අමාත්‍යවරැ විශේෂ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ මාර්ගගත ක්‍රම වේදය ඔස්සේ පැවති මෙම සාකච්ඡාවේදී මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා උපයා ගන්නා මුදල් අන්තවාදී ත්‍රස්තවාදී සංවිධාන පෝෂණය සදහා යොදාගැනීම පිළිබදව විශේෂ අවධානයක් යොමුවූ බව සදහන්.

මේ හරහා කලාපයේ පමණක් නොව ගෝලීය ආරක්ෂාවද අනතුරට ලක්වන බව රටවල් තුනේ විදේශ අමාත්‍යවරැන්ගේ අදහස වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන්, අන්තර්ජාතික සහ දේශිය වශයෙන් පවතින නෛතික ප්‍රතිපාදන ඔස්සේ උපරිම ක්‍රියාමාර්ග ගැනීමට රුසියා,චීන සහ ඉන්දීය විදේශ අමාත්‍යවරැන් තීරණය කළ බව සදහන්.

මීට අමතරව ඇෆ්ගනිස්තානයේ පවතින මානුෂීය අර්බුදය පිළිබදවත්, කෝවිඩ් වසංගතය,සහ දේශගුණ විපර්යාස සම්බන්ධයෙනුත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා.