Friday, April 26, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවෙන් නව කොරෝනා ප්‍රභේදය හමුවෙයි




ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය ආසාදිතවූවන් සොයා ගැනුණු නවතම රට බවට ඕස්ට්‍රේලියාව බවට පත්වුණා. 

ඒ, එරටින් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු හමුවීමත් සමගයි. 

දකුණු අප්‍රිකාවේ සිට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු එලෙස ආසාදිතයින් ලෙස හමුවී ඇති බවයි ඕස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ. 

ඔවුන් රට තුළට ඇතුළු වී ඇත්තේ දකුණු අප්‍රිකාවේ සිට කටාර් රාජ්‍යය හරහා සිඩ්නි ගුවන් තොටුපළට ලගාවූ ගුවන් යානයකින්. 

එලෙස පැමිණි ගුවන් යානයේ සිටි තවත් දකුණු අප්‍රිකානුවන් 12 දෙනෙකුට කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන් මෙතෙක් ආසාදිතයින් නොවන බවයි ඔස්ට්‍රේලියාව පැවසුවේ. 

කෙසේවෙතත් එම මගීන් 12 දෙනා නිරෝධායනයට යොමු කර තිබෙනවා. 

අදාළ ගුවන් යානයෙන් පැමිණි සෙසු මගීන් 260 දෙනෙකු හා කාර්යය මණ්ඩලය ද නිරෝධායනයට යොමු කළ බවයි ඔස්ට්‍රේලියාව පැවසුවේ. 

කෙසේවෙතත් හඳුනා ගැනුණු අසාදිතයින් දෙදෙනා කොරෝනා මර්දන එන්න්තකරණය යටතේ පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් බවයි පැවසෙන්නේ. 

ඔවුන්ගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව ද විදෙස් මාධ්‍යයන්හි සඳහන්. 

ආසාදිතයින් දෙදෙනා විශේෂ වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවන බව ද ඕස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කළා. 

කෙසේවෙතත් ඕස්ට්‍රේලියාව මේවනවිටත් දකුණු අප්‍රිකාව ඇතුළු අප්‍රිකානු රටවල් 09 කට සංචාරක තහනමක් පනවා තිබෙනවා.