Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය නිමා වනවිට 113යි 




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය නිමා වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 113 ක් රැස් කර සිටිනවා. 

දිමුත් කරුණාරත්න ලකුණු 42 ක් ලබා සිටියදී දැවී ගියා. නොදැවී ක්‍රීඩා කරන පැතුම් නිශ්ශංක ලකුණු 61 ක් සහ ඕෂද ප්‍රනාන්දු ලකුණු 2 ක් රැස් කර සිටිනවා. ගාල්ල ක්‍රීඩාංගණයට විටින් විට වැසි පතිත වීම හේතුවෙන් අද තරගය ආරම්භ වූයේ අද පස්වරුවේදීයි.  

මේ අතර අද සිදුවූ විශේෂ සිද්ධිය වූයේ ශ්‍රී ලංකාවේ 157 වන ක්‍රීඩකයා ලෙස චරිත් අසලංක ටෙස්ට් වරම් දිනාගැනීමයි. ඉකුත්දා අවසන් වූ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්‍ෂතා හේතුවෙන් චරිත් අසලංක ලොවපුරා කාගේත් අවධානයට ලක් වුණා.