Saturday, April 27, 2024

General line - 0115112241

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්




අමාත්‍යංශ 10ක ආයතන හා ඒවායේ කාර්යන් වෙනස් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබෙනවා.

2022 ජනවාරි 10 දිනැති අංක 2187/27 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේ තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදල , බුද්ධශාසන අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල පනත බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතට ඇතුළත් කර ඇත.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ඉවත්කර ඒ යටතේ තිබූ සියලුම ආයතන සහ සුවිශේෂී කාර්යයන් අධිකරණ අමාත්‍යාංශය යටතට ඇතුළත් කර ඇත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනත (1991 අංක 19) අධ්‍යාපන අමාත්‍යංශය යටතට ඇතුළත් කර ඇත.

ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සුවිශේෂී ප්‍රමුඛතා යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කටයුතු අධීක්ෂණය ඇතුළත් කර ඇත. කර්මාන්ත අමාත්‍යාංශයේ ආයතනික හා නෛතික රාමුව යටතේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත 1980 අංක 41 ඇතුළත් කර ඇත.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ශීර්ෂය යටතේ තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනත සහ පළාත් සභා ඡන්ද විමසීමේ පනත රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතට ඇතුළත් කර ඇත.

අදාල ගැසට් නිවේදනය පහතින් දැක්වේ.