Saturday, April 27, 2024

General line - 0115112241

දුම්රිය ස්ථානාධිපතිවරුන් යළි හදිසි වර්ජනයක




දුම්රිය ස්ථානාධිපතිවරුන් යළි හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ, එම සංගමයේ උපසභාපති නුවන් ඉලංසිංහගේ වැඩතහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ගත් ක්‍රියාමාර්ගයට එරෙහිවයි. 

අශෝභන ලෙස හැසිරීමේ චෝදනාව යටතේ ඔහුගේ වැඩතහනම් කර ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර පැවසුවේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කළ හදිසි වැඩවර්ජනය හේතුවෙන් ධාවනය වූ දුම්රියද  අතරමග නතර වී ඇති බවයි ඔහු සදහන් කළේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් මීට පෙර ආරම්භ කළ එක්දින සංකේත වැඩවර්ජනය අවසන් වූයේ ඊයේ මධ්‍යම රාත්‍රියේයි. දුම්රිය ධාවනය අද උදෑසන යළි ආරම්භ කෙරුණද, එම දුම්රිය ප්‍රමාද වී ධාවනය වුණා.