Saturday, April 27, 2024

General line - 0115112241

හෙට තරගයට ඇති සුදානම ගැන දසුන් කතා කරයි




දක්ෂතා අතර සිටි ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කණ්ඩායමේ ස්ථාන අහිමි වුවද සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීම සිය අපේක්ෂාව බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දසුන් ශෘනක පවසනවා. 

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් කළා. 

ශ්‍රී ලංකාව සහ සම්බාබ්වේ කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට පැවැත්වීමට නියමිතයි. දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරග පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයතු යොදා තිබෙනවා.