Friday, April 26, 2024

General line - 0115112241

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි




බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. 

දිවයිනේ සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.