Friday, April 26, 2024

General line - 0115112241

නඩු කඩිනමින් විභාග කිරීමට අලුත් අධිකරණ දෙකක්




දිසා අධිකරණයේ නඩු කඩිනමින් විසදීම සඳහා තවත් අධිකරණ දෙකක් ස්ථාපිත කරන බව අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 500 ට වැඩි ආයෝජන නඩු සඳහා වෙනම ආයෝජන අධිකරණයක් සහ රුපියල් මිලියන 02 ට අඩු නඩු සඳහා සුලු හිමිකම් අධිකරණයක් ස්ථාපිත කරන බවයි ඔහු සඳහන් කළේ.

පූර්ණ නඩු විභාග ක්‍රමය ලංකාවට හඳුන්වාදෙන බව අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් සඳහන් කළා. 

ඇතැම් නීති වර්තමානයට ගැලපෙන ලෙස සංශෝධනය කරමින් ඇතැයි ද අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ වැඩිදුරටත් සඳහන් කළා.