Friday, April 26, 2024

General line - 0115112241

මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළට 




මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේද 800 යේ සීමාව ඉක්මවා ගියා. 

ඒ අනුව ඊයේ වාර්තාවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 891 ක්. 

ඇතැම් පුද්ගලයින් නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීම දෛනික කොරෝනා ආසාදිතයින් ඉහළ යාමට එක් හේතුවක් වන බවයි කැළණිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ශර්මිලා ද සිල්වා පැවසුවේ.

පවතින තත්ත්වය හමුවේ බූස්ටර් මාත්‍රාව ලබාගැනීමේ වැදගත්කම ද කායික රෝග විශේෂඥ වෛද්‍ය ශර්මිලා ද සිල්වා මෙලෙස පැහැදිලි කළා.

මේ අතර මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් 31,742 දෙනෙකුට ඊයේ දිනයේදී බූස්ටර් මාත්‍රාව ලබාදී තිබෙනවා. 

ඒ අනුව මේ දක්වා බූස්ටර් මාත්‍රාව ලබාගත් මෙරට සමස්ථ පුද්ගලයින් ගණන හතලිස් නව ලක්ෂ 88,363 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.