Friday, April 26, 2024

General line - 0115112241

බඩඉරිඟු නොමැතිවීමෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනයටත් බාධා




බඩඉරිඟු නොමැතිවීමෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනයට ද මේ වන විට බලපෑම් එල්ල වී තිබෙනවා. ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා දිනකට බඩඉරිඟු මෙටි්‍රක් ටොන් 50 ක් අවශ්‍ය බවයි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පැවසුවේ. පවතින තත්ත්වය හමුවේ ත්‍රිපෝෂ ලැබීමට තවත් සති දෙකක් පමණ ගතවනු ඇති බව එම සමාගමේ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළා.

රට තුළ ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණවත් නොවන හෙයින් සැපයුම්කරුවන් හරහා ද බඩඉරිඟු ආනයනය කරනු ලබනවා. ඒ, අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලින්. එහෙත් පවතින කොරෝනා තත්ත්වය හමුවේ එම රටවල ද බඩඉරිඟු නිෂ්පාදනය පහළ බැස ඇති අතර බඩඉරිඟුවල මිල ගණන්ද ඉහළ ගොස් තිබෙනවා.

නිසි ප්‍රමිතීන්ට නොමැතිවීම හේතුවෙන් සැපයුම්කරුවන්ගෙන් ලබාගත් බඩඉරිඟු කන්ටේනර් 05 ක් ද ඉකුත් දින කිහිපයේ ආපසු හරවා යැවූ බවද එම ප්‍රකාශකයා සඳහන් කළා.

බඩඉරිඟු මෙටි්‍රක් ටොන් 1,500 ක් සැපයුම්කරුවන්ගෙන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකරමින් ඇති බවයි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ත්‍රී පෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න පැවසුවේ මිනිස් පරිභෝජනයට සුදුසු බඩඉරිගු නොමැතිවීම සිය නිෂ්පාදනය කටයුතුවලට බලපා ඇති තවත් හේතුවක් බවයි.