Friday, April 26, 2024

General line - 0115112241

අගමැති චීනයට




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ඊයේ රාත‍්‍රී චීනය බලා පිටත්ව ගියා.

නිරිත දිග චීනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීම අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අපේක්ෂාවයි. කර්මාන්තපුර, බහාලූම් පර්යන්ත, තාක්ෂණික උද්‍යාන, මූල්‍ය මධ්‍යස්ථාන සහ නිර්මාණාත්මක නිෂ්පාදන ආයතන වැනි ස්ථාන එහිදී අග‍්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වනු ඇති.

අග‍්‍රාමාත්‍යවරයා සමග මෙම සංචාරයට එක්වන ධූත මණ්ඩලයට අග‍්‍රාමාත්‍ය බිරිඳ මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා, මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග‍්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ සහ අග‍්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන අයද ඇතුළත් වනවා.