Thursday, May 26, 2022

General line - 0115112241

යුපුන් අබේකෝන් ගෙන් වාර්තාවක්

278Views



ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් නව ආසියානු වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, ඉතාලියේ පැවති මළල ක්‍රීඩා උළෙලකදීයි. එහිදී ඔහු තරග වැද ඇත්තේ මීටර් 150 තරග ඉසව්වටයි. 

එහිදී යුපුන් අබේකෝන් තත්පර 15යි දශම 1යි 06කින් තරගය නිම කරමින් නව වාර්තාව බිහි කර තිබෙනවා. එම ඉසව්වේ ආසියානු වාර්තාව පැවතුණේ තත්පර 15යි දශම 3යි 05ක් ලෙසයි. එය ජපාන ධාවන ශූරයෙකු විසින් බිහිකර තිබුණා.