Saturday, April 27, 2024

General line - 0115112241

මෙරට ත්‍රස්ත ප්‍රහාරයක් ගැන ඉන්දීය මාධ්‍ය අනතුරු අඟවයි - අවදානමක් නැහැ - මෙරට ආරක්‍ෂක අංශ ප්‍රධානියෙක් කියයි




ශ්‍රී ලංකාව ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කිරීමට එල් ටී ටී ඊ සංවිධානයේ මෙරට හිටපු සාමාජිකයින් යළිත් එක්ව සැලසුම් සකස් කරන බවට පළ වන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව මෙරට ආරක්ෂක අංශ ප්‍රධානියෙක් පවසනවා. 

එවැනි ප්‍රහාරයක් සඳහා සැලසුමක් ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි එම ආරක්ෂක අංශ ප්‍රධානියා නෙත් නිවුස් වෙත පැවසුවේ. එවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණා.

එවැනි සැකකටයුතු එල් ටී ටී ඊ සාමාජිකයින්ගේ ඒකරාශිවීමක්, සැලසුමක් සහ ඔවුන් දෙරටෙහි මුහුදු සීමාව හරහා මෙරටට ඇතුළුවීම හෝ මෙරට සිට ඉන්දියාවට ඇතුළුවීම සම්බන්ධයෙන් තමිල්නාඩු බලධාරීන් දැඩි අවදානයෙන් පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ. 

ශ්‍රී ලංකාව ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදයක පැටලී ඇති මෙවන් අවස්ථාවක එවැනි ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශවල අවදානය යොමුව ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.